රතිඳුට (රැට්ටා) ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයා සොයා ගැනෙයි
Thursday, 18 August 2022 - 10:03 | Views - 1,586
අරගළයේ මුල සිට ම ඉදිරි පෙළ ක්රියාකාරිකයකු ලෙස කටයුතු කළ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටාගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයා ව සොයාගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මඟින්.
සිද්ධිය පිළිබඳ ප්රශ්න කිරීම සඳහා ඊයේ (17) ඔහු ව අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණත් සැකකරු ඊයේ එහි නො පැමිණි බව යි වාර්තා වන්නේ.
ජා ඇල ප්රදේශයේ පිහිටි රතිඳු සේනාරත්නට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට මෙම මුදල් බැර වී තිබුණා.
Share This Article