දැන් - පුද්ගලයෙකුට රුපියල් 12,000 ඉක්ම වූ වියදමක් ?
Thursday, 18 August 2022 - 8:06 | Views - 257
මේ වසරේ මාස 05 ක් තුළ පමණක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම වියදම රුපියල් 3,521 කින් ඉහළ ගොස් තිබෙනවා.

එසේම, ජුනි මාසය සඳහා මේ වසරේ දරිද්‍රතා රේඛාව රුපියල් 12,444 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රකාශ කළා.

ඒ, දිස්ත්‍රික් මට්ටමේ නිල දරිද්‍රතා රේඛා දත්ත ඇතුළත් කර නිකුත් කර ඇති වාර්තාවෙන්.

ඒ අනුව ජුනි මාසය වනවිටත් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම සාමාන්‍ය වියදම රුපියල් 12,444 ක් වන අතර, එය දිස්ත්‍රික් මට්ටමෙන් යම් යම් වෙනස්කම්වලට ලක්වනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 13,421 ක්. එසේම, මොණරාගල දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 11,899 ක් ලෙස දැක්වෙනවා.

මේ වසරේ ජනවාරි මාසයේදී පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය වුණේ රුපියල් 8,923 ක් පමණයි.

එය 2019 වසරේ දී රුපියල් 6,966 ක් වූ අතර, 2016 වසරේදී රුපියල් 6,117 ක් ලෙස දැක්වුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top