ආංශික කාරක සභා සියල්ලම ඕනේ - සජිත් (Video)
Wednesday, 17 August 2022 - 14:07 | Views - 350
පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේ ම සභාපති ධුර විපක්ෂයට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට යෝජනා කරනවා.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු අදහස් දක්වමිනු යි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.
කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා තවමත් පවසන්නේ, සර්ව පාක්ෂික ආණ්ඩුවකට නො ව සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සඳහා තමන් ඇතුළු කඳවුර පූර්ණ සහයෝගය ලබා දීමට සූදනම් බව යි.
Share This Article