සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
Wednesday, 17 August 2022 - 12:41 | Views - 423
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කරන ලදැයි කියනු ලබන ලිපියක සිංහල පරිවර්තනයක් ලෙස හුවා දක්වමින් විවිධ වෙබ් අඩවි සහ සාමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන ප්‍රවෘත්තිය සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, “උද්ධමනය ගැටලුව නොව පරිපූර්ණ විසඳුමයි, මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳ ම දෙයයි සහ මහ බැංකු අධිපති ඓතිහාසික දෙසුමක” යන මාතෘකා හෝ ඊට සමාන මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපි එයට උදාහරණ බවයි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරන්නේ, "Inflation is not a problem, but a solution" යන මාතෘකාව යටතේ යම් පුද්ගලයකු විසින් වෙබ් අඩවියක ලිපියක් පළ කර ඇති අතර එම ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු වගකීමක් නො දරන බවයි.
Share This Article