වී මිල දී ගැනීම අද සිට - සහල් මිලත් පහළට ?
Wednesday, 17 August 2022 - 11:05 | Views - 1,779
වී අලෙවි මණ්ඩලය මගින් යල කන්නයේ වී මිල දී ගැනිම අද (17) සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කට සම්බා වී කිලෝවක් රුපියල් 125කට සහ කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130ක මිලකට මීල දී ගැනිමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

පළමු අදියර යටතේ රුපියල් මිලියන 2,000ක් වැය කර වී මෙටි්‍රක් ටොන් 30,000ක් මිල දී ගැනීමට අපේක්ෂිත යි.

සහල් නිෂ්පාදකයන් විසින් ගොවීන්ගෙන් අඩු මිලට වී මිල දී ගැනීම වැළැක්වීම සඳහා මෙලෙස වී අලෙවි මණ්ඩලය මැදිහත් ව වී මිල දී ගන්නා බව යි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.

මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සහල් මෙටි්‍රක් ටොන් පන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර, දැනට රට තුළ කිසිදු සහල් හිඟයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, අද සිට වෙළෙඳ පොළට නිකුත් කරන සහල් සඳහා රුපියල් පහක මිල අඩුවීමක් සිදුකෙරෙන බවද සඳහන් වුණා.

එම සහනය සහල් කිලෝවකින් රුපියල් පහක් අඩු වී මහජනතාවට ලැබීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top