මෙරට ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්රමිතීන් හඳුන්වාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පළාත් මට්ටමින් සකස් කරන ලද මාර්ගෝපදේශන සහ ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක නමුත් ජාතික මට්ටමේ පිළිගත් මාර්ගෝපදේශනයක අඩුපාඩුවක් පැවතුණා.
ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් ඒ අනුව මෙම ජාතික මාර්ගෝපදේශය රට පුරා ඇති සියලු ම ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යි සැලැසුම් කර ඇත්තේ.