හිටපු ජනපති තායිලන්තයට ගිය පුද්ගලික ගුවන්යානයට මුදල් ගෙව්වේ මෙරට රජයෙන් ද?
Tuesday, 16 August 2022 - 11:45 | Views - 430
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තවමත් ජීවත් වන්නේ ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාදයන්ට අනුව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා අද(16) මේ බව සඳහන් කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් අගනුවර බලා පිටත්ව යාම සඳහා භාවිත කළේ පුද්ගලික ගුවන් යානයක් බවත්, ඒ සඳහා මුදල් ගෙවා තිබුණේ ලංකා රජයෙන් බවත් එය ජනතාවගේ බදු මුදල් වන බැවින් ඔහු තවමත් ජීවත් වන්නේ ජනාධිපති වරප්‍රසාද යටතේ ද ? යන්න මාධ්‍යවේදියෙකු විසින් විමසුවා.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, "ඔව්. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ පනතට අනුව රටේ හිටපු ජනාධිපතිවරයාටත් සහ ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරධාන සහ වරප්‍රසාද පිළිබඳ නීතිමය විධි විධාන තිබෙනවා. හිටපු ජනාධිපතිතුමෙක් අභාවප්‍රාප්ත වීමෙන් පසු ආර්‍යාවටත් එවැනි ආරක්ෂාව සැලසීම පිළිබඳ මගේ දැනීමේ හැටියට වගකීමක් තිබෙනවා." යනුවෙනු යි.

තවද හිටපු ජනාධිපතිවරයෙක් වන රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසටත් තම දැනීමේ හැටියට ආරක්ෂාව පිළිබඳ එම අයිතිවාසිකම් සහ වරප්‍රසාද හිමිව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.  



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top