ලිහිල් වූ ඩොලරය - අගයද වෙනස් වෙයි (Photos)
Tuesday, 16 August 2022 - 10:34 | Views - 3,163
පසුගිය සිකුරාදා (12) දිනට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පවසනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 368. 56 සිට රුපියල් 368.60 ලෙසට සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙරට වාණිජ බැංකු අද ඩොලරයේ අගය සටහන් කර තිබුනේ විකුණුම් අගය රුපියල් 369. 75 සිට රුපියල් 359.75 ලෙසට යි. 

තවද , සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද අනිවාර්ය අවශ්‍යතාව අගෝස්තු 12 වන දින හෝ ඉන් පසු ව සිට ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම් හෝ ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්‍ය අවශ්‍යතාව ඉවත් වී යන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

නමුත් සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන, ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.

මේ අතර සේවාව ලබා දුන් දින සිට දින 180ක් ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව නො වෙනස් ව පවතින බවයි ශ්‍රී ලංකා මහ බැඤුව වාර්තා කරන්නේ.

තව ද බැංකු විසින් වාර්තා කරනු ලබන තොරතුරුවලට අනුව, 2022 වසරේ පළමු මාස 6 තුළ දී සේවා අපනයන ලැබීම් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1,533ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් එක්සත් ජනපද ඩොලර් මිලියන 406ක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මේ අතර ඉකුත් මාර්තු මාසයේ දී, ඉහළ ම මාසික සේවා අපනයන ඉපැයීම් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 324ක මුදලක් ලැබී තිබුණ අතර සේවා අපනයනකරුවන්ගේ නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවල දී ඔවුන් විසින් අපනයන ලැබීම් තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව ඉස්මතු කළ බව ද මහබැංකුව සඳහන් කරනවා.

ඒ අනුව අපනයන ඉපැයීම් දින 180ක් තුළ දී ගෙන ඒමේ අනිවාර්ය අවශ්‍යතාව වෙත අවධානය යොමු කරමින්, සියලු ම අපනයන ඉපැයීම් මෙම අවශ්‍ය මොහොතේ රටට ගෙන්වා ගැනීමට සියලු ම අපනයනකරුවන් දිරිමත් කරනු ලැබෙන අතර අපනයනකරුවන් සහ අවසරලත් වෙළෙඳුන් අදාළ අවශ්‍යතාව සමඟ අනුකූල වීම අධීක්ෂණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව තීව්‍ර කර ඇති බව ද දක්වනවා.

ඉහත සඳහන් ලිහිල් කිරීම සම්බන්ධ වැඩිදුර විස්තර, 2022 අගෝස්තු 12 දිනැති අංක 2292/50 දරන ගැසට් (අති විශේෂ) නිවේදනයේ පළකර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top