සතිය තුල අසාදිතයන් දහස ඉක්මවයි
Tuesday, 16 August 2022 - 9:34 | Views - 533

ගත වූ සතිය තුළ මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.
ඒ අනුව ගත වූ දින 7 තුළ ආසාදිතයින් 1,197 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
ඊයේ දිනයේ දී අලුතින් ආසාදිතයින් 129 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට අටදහස් දොළහක්.
පෙරේදායින් අවසන් වූ සතියක කාලය තුළ කොරෝනා ආසාදනය වීමෙන් මරණ 36ක් වාර්තා වුණා.
ඒ පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කරන ලද මරණ 3 ද සමඟ යි.
මේ අතර, අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් මේ දක්වා පළමු වර්ධක මාත්‍රාව ලබා ගෙන ඇත්තේ, මිලියන 8ක සංඛ්‍යාවක් පමණයි.
වෛරස ව්‍යාප්තිය හමුවේ එය ලබා නොගත් පිරිසද කඩිනමින් වර්ධක මාත්‍රාව ලබා ගැනීම සුදුසු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිණිගේ කියා සිටියේ.
කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදය පමණක් නොව ඔමික්‍රෝන් ප්‍රභේදය ද පාලනය කළ හැකි කොරෝනා එන්නතක් සඳහා බි්රතාන්ය ඖෂධ නියාමන ආයතනය අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙවැනි කොරෝනා එන්නත් සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට බවට බි්රතාන්ය පත්වුණා.
බි්රතාන්ය ඖෂධ නියාමන ආයතනය ප්‍රකාශ කළේ, මොඩර්නා සමාගම නිපද වූ මෙය සායනික පර්යේෂණ වල ප්‍රතිඵල මත පදනම්ව බූස්ටර් එනන්තක් ලෙස වැඩිහිටියන්ට ලබා දීමට අනුමැතිය ලබාදුන් බව යි.
Share This Article