යාපනයේ අච්චුවේලී කලනෙයි ප්‍රදේශයේ නිවසක කකුල් හතරක කුකුල් පැටවෙකු ඉපදී ඇති පුවතක් වාර්තා වනවා.
එම කකුල් හතරේ කුකුල් පැටවා උපන් නිවසෙහි ගෙහිමියා විසින් කුකුළු කොටුවක් පවත්වාගෙන යන අතර එහි වූ කිකිලියන් විසින් දමන ලද බිත්තර හයක් රැක්කවීමෙන් අනතුරුවයි මෙම කකුල් හතරේ කුකුල් පැටවෙකු උපත ලබා ඇත්තේ.
මෙම කුකුල් පැටවා නැරඹීම සඳහා යාපනයේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම නිවසට පැමිණෙමින් තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.