දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කෙරෙයි
Monday, 15 August 2022 - 12:55 | Views - 638
දෛනිකව අද (15) සිට විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නොරොච්චෝලේ බලාගාරයේ 01 වැනි ඒකකයේ විදුලි ජනන යන්ත්‍ර 02ක් බිඳවැටීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව අද සිට දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කෙරෙනවා.

කෙසේවෙතත් ඊයේ (14) දිනයේ දී විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ අද සහ හෙට (16) දෙදින විදුලි කප්පාදුව සිදු වන්නේ පැයයි විනාඩි 20ක් පමණක් බවයි.

නමුත් නොරොච්චෝලේ බලාගාරය බිඳ වැටීමත් සමග එම කාලසටහන වෙනස් වී තිබෙනවා.

අද පෙරවරුවේ නොරොච්චෝලේ බලාගාරය හදිසි බිඳ වැටීමකට ලක් වීමත් සමග බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව තිබෙන බවත් දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර බලාගාරයේ දෙවන ඒකකය නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවත්, බලාගාරයේ තුන්වැනි ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර වෙරළ සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරමින් සිටින බව බලශක්ති අමාත්‍යවරයා කියා සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top