නොරොච්චෝලේ බිඳ වැටීමක්
Monday, 15 August 2022 - 10:45 | Views - 437
නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.ඒ බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ, නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව තිබෙන බවත් දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය මේවන විට කටයුතු කරමින් සිටින බවයි.මේ අතර බලාගාරයේ දෙවන ඒකකය නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවත්, බලාගාරයේ තුන්වැනි ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පවසනවා.අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ, විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර වෙරළ සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරමින් සිටින බවයි.(අමාත්‍යවරයා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්)

Share This Article