අලි- මිනිස් ගැටුමෙන් පමණක් පුද්ගල මරණ 34ක්
Monday, 15 August 2022 - 7:52 | Views - 730

මේ වසරේ පළමු මාස 04 තුලදී පමණක් අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගල මරණ 34ක් සහ වන අලි මරණ 47ක් වාර්තා වී ඇති බව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.
මේ වනවිට පලාත් 08ක, දිස්ත්‍රික්ක 19ක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131ක අලි මිනිස් ගැටුම පවතින බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ. වසරේ මේ දක්වා සිදුවූ වනඅලි මරණ 47න් 13ක්ම වෙඩි තැබීම් හේතුවෙන් සිදුව තිබෙනවා. එමෙන්ම තවත් වන අලි මරණ 17ක් සිදුවී ඇත්තේ විදුලි සැර වැදීමට සැලැස්වීම හේතුවෙන්.
පසුගිය වසර 03 තුළදී අලි මිනිස් ගැටුම ඉහළ ගොස් ඇති අතර 2019 වසරේ වන අලි මරණ 407ක් සහ පුද්ගලයින් 122 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම 2020 වසරේදීද අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයින් 112 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සදහන් කළේ. එමෙන්ම 2021 වසරේදීත් අලි මිනිස් ගැටුම හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ප්‍රමාණය 142ක්.
මේ අතර ඊයේ දිනයේදී විදුලිසැර වැදීමෙන් වන අලි 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මිහින්තලේ අභය භූමියෙන් වාර්තා වුණා. මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුදුක්කුලම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක හිමිකරුවකු විසින් තම ඉඩමට යොදා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මෙම සතුන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Share This Article