සංශෝධිත අයවැයෙන් - විදුලි බිලට සහනයක්
Friday, 12 August 2022 - 13:43 | Views - 942
සංශෝධිත අයවැයෙන් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල්පතට සහනයක් ලබාදීමේ වැඩපිලිවෙලක් සාකච්ඡාවට ලක්වෙමින් පවතින බව සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලද ඊට මැදිහත් වුණා.
එසේම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන සභාව කල් තැබීමේ විවාදය තුන් වැනි දිනටත් ක්‍රියාත්මක යි.
Share This Article