පාකිස්ථාන යුද නැව කොළඹට
Friday, 12 August 2022 - 10:51 | Views - 442
චීනයේ නිෂ්පාදිත පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur මෙරටට ළඟා වී තිබෙනවා.

එම නෞකාව අද (12) පෙරවරුවේදී කොළඹ වරායට සේන්දු වුණා.

චීන නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකදියි මෙම පාකිස්ථාන නෞකාව මෙරටට ළඟා වූයේ.

PNS ටයිමූර් නම් මෙම යුද නෞකාවට වේග ප්‍රහාරක අවි සහ මිසයිල දියත් කිරීමේ හැකියාව පවතින අතර, එය එළැඹෙන 15 වැනිදා පාකිස්ථානයට යාත්‍රා කිරීමට නියමිතව තිබෙනවා.

පාකිස්ථානයේ මෙම යුද නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර බංග්ලාදේශයේ චිතගොං වරායට සේන්දු වීමට අවසර ඉල්ලා තිබුණත් එරට අග්‍රාමාත්‍යවරිය වන ෂෙයික් හසීනාගේ පාලනය ඊට අවසර ලබා දී තිබුණේ නැහැ.

චීන පර්යේෂණ නෞකාවට අවසර ලබා නොදීමත්, පාකිස්ථාන යුද නෞකාවට අවසර ලබාදීමත් හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top