පාර්ලිමේන්තුව ඇරඹෙයි - තේරිම් කාරක සභාව පස්වරු 1.00ට (Live)
Friday, 12 August 2022 - 10:16 | Views - 977
අද දින පාර්ලිමේන්තු රැස්වීම උදෑසන 10ට ආරම්භ වූ අතර, පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ද අද පස්වරු 1.00ට රැස්වීමට නියමිත ව තිබෙනවා.
එමෙන්ම, ලබන 29 වනදා සිට පාර්ලිමේන්තු සභා වාරයන් උදෑසන 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
එසේම, විදුලිබිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් විවාදය ලබන 29වන දා පැවැත්වීමට නියමිත අතර,අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දින හතරක විවාදයක් අගෝස්තු 30 වනදා ආරම්භ වීමට නියමිත බවද සඳහන්.
පහතින් පාර්ලිමේන්තු සජීව විකාශය ....
Share This Article