ලෝක වනඅලි දිනය අද
Friday, 12 August 2022 - 9:59 | Views - 310
ලෝක වනඅලි දිනය අදට (12) යෙදී තිබෙනවා.
මෙවර වනඅලි දිනයේ තේමාව වී ඇත්තේ පූර්ව ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාළත්වය හා පාරිසරික වැදගත්කම යන්නයි.
මෙරට වනඅලි ගහනය සම්බන්ධයෙන් 2011 වසරේදී අවසන් වරට සංගණනයක් සිදුකර ඇති අතර, එවකට මෙරට වන අලි ගහනය 5000 ක් ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේ වෙතත්, අලි මිනිස් ගැටුම දිනෙන් දින උග්‍ර වන පසුබිමක් තුළ විද්‍යාත්මක වන අලි සංගණනයක් සිදුකළ යුතු කාලය එළැඹ ඇති බවයි වනඅලි පර්යේෂණ නිලධාරී, පරිසරවේදී සමීර වීරතුංග පෙන්වා දෙන්නේ.
එමෙන්ම, මේ වනවිට වනඅලි ගහණය ඉහළ ගොස් ඇති අතර, ඊට සාපේක්ෂව වාසස්ථාන ඉහළ නොයෑමත් වනඅලි ගැටළුවට ප්‍රබල ලෙස බලපෑම් සිදුකර තිබෙනවා.
Share This Article