චීන නැවට අවසර දෙන්නැයි ස්වාධීන පක්ෂ එකමුතුව ඉල්ලයි
Friday, 12 August 2022 - 8:32 | Views - 264
මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් වහාම සිදුකළ යුතු බව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළා.

ඒ සඳහා විශේෂ නියෝජිතයෙකු වහාම චීනයට සහ ඉන්දියාවට ගොස් දෙපාර්ශ්වයට පිළිගත හැකි අතරමැදි විසඳුමකට එළැඹීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

චීනයේ - යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව පිළිබඳව පසුගිය දින කිහිපය තුළදීම වාර්තා පළ වූ අතර එය ඊයේ පෙරවරු 9යි 30ට හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත බවටයි ඉන්දීය එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කර තිබුණේ.

මෙම නෞකාව පර්යේෂණ නෞකාවක් ලෙස හැඳින්වුවත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබීම හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවට ඉන්දියාව මත පළ කළා.

මේ හේතුවෙන් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් එල්ල කර ඇති අතර එවන් පසුබිම ලක් රජය ද චීනයට දැනුම් දී තිබුණේ මෙම නෞකාවේ පැමිණීම ප්‍රමාද කරන ලෙසටයි.

මේ අතර, ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බවයි.

මෙම නිවේදනයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඇතුලු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් අටදෙනෙකු අත්සන් තබා තිබෙනවා.

මේ අතර චීනයේ නිෂ්පාදිත පාකිස්ථාන යුද නෞකාවක්ද අද කොළඹ වරායට සේන්දුවීමට නියමිත බවට වාර්තාවනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top