මහනුවර ඇසළ මංගල්‍යයේ දිය කැපීම
Friday, 12 August 2022 - 8:23 | Views - 341
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද (12) අලුයම ගැටඹේ තොටේදී සිදු කෙරුණා.

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර, පෙරහර නැරඹීමට බැතිමතුන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහද පෙරහර නැරඹීම සඳහා එක්වූ අතර, සධාතුක කරඬු වහන්සේ වැඩම වූයේ ඉන්දි රාජා හස්ථියායි.

බුරුම රාජා සහ මියන් රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් කළා.

දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දහවල් පෙරහරින් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා.

අනතුරුව පෙරහර සාර්ථකව අවසන් කළ බවට වන සන්දේශය දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතයි.

මේ අතර, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහරද ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. කතරගම පුදබිමට ද අතිවිශාල බැතිමතුන් පිරිසක් පෙරහර නැරඹීම සඳහා පැමිණ සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top