මහනුවර ඇසළ මංගල්‍යයේ දිය කැපීම
Friday, 12 August 2022 - 8:23 | Views - 342
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද (12) අලුයම ගැටඹේ තොටේදී සිදු කෙරුණා.
ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර, පෙරහර නැරඹීමට බැතිමතුන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා.
ජනාධිපති රනිල් වික්රමසිංහද පෙරහර නැරඹීම සඳහා එක්වූ අතර, සධාතුක කරඬු වහන්සේ වැඩම වූයේ ඉන්දි රාජා හස්ථියායි.
බුරුම රාජා සහ මියන් රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් කළා.
දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දහවල් පෙරහරින් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා.
අනතුරුව පෙරහර සාර්ථකව අවසන් කළ බවට වන සන්දේශය දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතයි.
මේ අතර, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහරද ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. කතරගම පුදබිමට ද අතිවිශාල බැතිමතුන් පිරිසක් පෙරහර නැරඹීම සඳහා පැමිණ සිටියා.
Share This Article