පැය 24 තුළ COVID රෝගීන් 214 ක්
Wednesday, 10 August 2022 - 15:29 | Views - 585
ගතවූ පැය 24 ක කාලසීමාව තුළ COVID 19 රෝගීන් 214 වාර්තා වී තිබෙන අතර COVID 19 මරණ හයක් වාර්තා තිබෙනවා.

ඊට පෙර පැය 24 ක කාල සීමාව හා සසඳන විට මෙය වැඩිවීමක් පෙන්නුම් කරයි,මෙයින් පෙන්නුම් කරන්නේ යම් සුළු ප්‍රමාණයකින් හෝ රෝගීන් සහ මරණ සංඛ්‍යාව වැඩි වීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසනවා.

covid 19 නිසා සිදුවන මරණ වලින් 80% සිදුවන්නේ 60 ට වැඩි සහ දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන අයත් ඒ අතර එන්නත් මාත්‍රාන් නිවරදිව ලබා නොගත් අයයි.

COVID 19 booster එන්නත මේ දිනවල සියලුම සෞඛ්‍ය නිලධාරි කාර්යාල වලත් ඒ ඒ පළාත්වල සියලුම රෝහල් වලිනුත් ලබාගත හැකි වනවා.

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ, මංකි pox වෛරසය පිලිබඳ මෙසේ සඳහන් කළා.

මංකි pox වෛරසය වසූරිය කාණ්ඩයට අයත්ය මෙහිදී ඇඟේ යම් පලු හට ගැනීමත් සිදුවේ,ඇඟේ පතේ රුදාව,උණ හටගැනීම,සැරව ගැලීම රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැක,මෙහිදී සති දෙකක් තුළ රෝග ලක්ෂණ ඇති වී ඉන්පසුව ඉබේම හොඳ වී යයි.

මංකි POX වෛරසය හඳුනාගැනීම ගැනීම සඳහා ලංකාවේ ස්ථානයක් තියෙනවද?

ඔව්, ඒක අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය අවුරුදු විසි දෙකක් පමණ රෝග නිරික්ෂණය කරන සහ පරීක්ෂණය කරන ස්ථානය,මෙයට අමතරව airport එක,C PORT එක,සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝන්ටයින් UNIT එක මේ අයට පැහැදිලිව උපදෙස් දීලා තියෙන්නේ එන අය දැනුවත් කරන්න, ලංකාවේ සියලුම සමෙ රෝග වෛද්‍ය ආයතන වලට අපි දැනුවත් කරලා තියෙන්නේ පැපොල වුණත් කමක් නෑ සැක කරන්න කියලා. ඒ වගේම අපේ වෛද්‍ය විද්‍යාවේ තියෙනවා මෙම ලාක්ෂණික බිබිලි හඳුනා ගැනීමේ ක්‍රමයක්.8 වෙනි දා නිකුත් කර චක්‍ර ලේඛනය අනුව ලංකාවේ තියන සියලුම වෛද්‍ය ආයතන වලට මෙම රෝගය හඳුනා ගැනීම සහ කළ යුත්තේ කුමක්ද පිළිබඳව පැහැදිලි දැනුවත් කිරීමක් සිදු කර ඇත.

මීට අමතරව මෙම රෝගයේ ලෝක ව්‍යාප්තිය ආරම්භය,පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් වෛද්‍යතුමා සිදුකළා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ ඩෙංගු රෝගය පිළිබඳවද මෙසේ හැදින්වීමක් කළා.

ඩෙංගු මර්දන ඒකකයට මේ වන විට ලංකාව තුළින් එක ඩෙංගු රෝගීන් 49454 වාර්තා වෙලා තිබෙනවා මෙයිනුත් වැඩිම ප්‍රමාණයක් 27% වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එම රෝගීන් ගෙනුත් 63% වාර්තා වී තිබුණේ පසුගිය මාස තුනක කාල සීමාව තුළදී එනම් නිරිතදිග මෝසම් කාල සීමාව තුළදී තමා රෝගීන්ගේ වැඩි වීමක් සිදු වී තිබෙන්නේ නමුත් පසුගිය සති දෙකක රෝගීන් වාර්තා වීම අනුව ඩෙංගු තත්ත්වය කෙමෙන් අඩුවී යන තත්ත්වයක් අපිට නිරීක්ෂණය වනවා.

ඩෙංගු මරණ නිරීක්ෂණය කිරීමේ දී අපට දක්නට ලැබුණ දෙයක් තමයි ඔහුන් රෝහල් වලට වාර්තා වන්නේ හතරවන හෝ 5 වන දිනය,නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ තිබේ නම් වෛද්‍ය මධ්‍යස්ථානයක වාර්තා කරන ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නාගරික සහ වතු සෞඛ්‍ය පිළිබඳ අංශයේ ප්‍රජා සෞඛ්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය වත්මන් ආර්ථික තත්ත්වය අනුව පෝෂදායි අහාර වේලක් ලබාගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිලිබද පැහැදිලි කිරීමක් සිදු කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top