ඉදිරි සතියේ සිට අඩු වූ මිලට බඩු වෙළඳඇමතිගේ හෙළිදරව්ව
Wednesday, 10 August 2022 - 14:02 | Views - 1,692
සිමෙන්ති, යකඩ, ටයර්, බිත්තර, කුකුල් මස්, පාන් සහ බනිස්වල මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තමාට වාර්තාවක් ලබා දෙන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

වෙළෙද අමාත්‍යාංශයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තොග මිල ගණන් අඩුවී ඇති සහල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි සතියේ සිට ලංකා සතොස හරහා එම අඩු වූ මිල ගණන්වලට ලබා දීමට කටයුතු කරන බවයි.

මේ අතර විදුලිබිල සියයට 75 සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම ඊයේ (09) අවසර ලබාදුන්නා.

විදුලි මිල ඉහළ දැමීම හේතුවෙන් ෆොටෝ කොපියක මිල ද අද සිට රුපියල් 05කින් වැඩි කිරීමට තම සංගමය පියවර ගත් බව සමස්ත ලංකා කොමියුනිකේෂන් සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සදහන් කළා.

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

එහිදී අදහස් දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ ලබන 13 වෙනිදායින් පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කරන බවයි.

එසේම ලබන 19 වැනිදායින් පසු අඛණ්ඩව භූමිතෙල් ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පිරිපහදු වසා දමා තිබූ කාල සීමාවේදී සේවකයින්ට රුපියල් කෝටි 40ක අතිකාල දීමනා ගෙවා ඇති බව සදහන් කළා.

මේ අතර ඩීසල් ලීටර් 19,000ක් සමග පුද්ගලයන් 04 දෙනෙකු හම්බන්තොට ධීවර වරාය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන් මෙම ඩීසල් තොගය අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සදහන් කළේ.

මෙතෙක් සිදුකළ වැටලීම්වලින් සොයාගත් විශාලම ඉන්ධන තොගය මෙය වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top