විදුලි කණුවක් හිස මතට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
Wednesday, 10 August 2022 - 10:40 | Views - 512
ගලෙන්බිඳුනුවැව - වේරගල ප්රදේශයේ විදුලි කණුවක් හිස මතට ඇද වැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ප්රදේශයේ පුද්ගලික ඉඩමක අතුරු මාර්ගයක් ආසන්නයේ තිබූ තේක්ක ගසක් පිරිසක් විසින් කපා ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ ඊයේ (09) දිනයේදීයි.
එහිදී එම තේක්ක ගස විදුලි රැහැනක් මතට ඇද වැටී තිබෙනවා.
පසුව විදුලි රැහැන සම්බන්ධ වී තිබූ කණුව ද බිඳ වැටී ඇති අතර එම අවස්ථාවේදී ඒ අසල සිටි මෙම පුද්ගලයාගේ හිස මතට එය කඩා වැටී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි යක්කල - පඩිකාරමඩුව ප්රදේශයේ පදිංචි දෙදරු පියෙක්.
Share This Article