ඔබත් ජංගම දුරකතනයට අසීමිතව ඇබ්බැහි වූ අයෙක්ද...
එසේ නම් මේ ඔබ කියවිය යුතුම සටහනක්...
"ඔබ ඔබගේ යාලුවොත් එක්ක රෑ කෑමකට ගියහම ඔබ ඔවුන් සමඟ කතා නොකර එතන නැති කෙනෙක් සමඟ ටෙක්ස්ට් කරනවා නම්,
එතන ගැටලුවක් තියෙනවා. ඒකට කියන්නෙ ඇබ්බැහියක් කියලා.
ඔබට වැදගත් මීටිමකට ගියහම එහි සිටින අනික් අය එහි කතා කිරීමට නියමිතව සිටියදී ඔබ ඔබගේ ජංගම දුරකතන උඩට හෝ යටට හරවා මේසය මත තැබුවහොත්,
එම මීටිමේ සිටින අයට ඒත්තු යනවා ඒ මීටිම හෝ එහි සිටින අය ඔබට වැදගත් නෑ කියලා. ඒ වගේම ඔබේ යටි සිත ඒ පණිවිඩය ඔබට දෙනවා.
ඔබ කොච්චර ඇබ්බහි වෙලාද කියනවා නම් ඔබට එය එතනින් අයින් කරන්න හිත දෙන්නේ නෑ.
ඔබ උදේ නැගිට්ට ගමන් ගෙදර අයට කතා කරන්න පෙර ජංගම දුරකතනය දිහා බලනවා නම් ඒ කියන්නෙ ඔබ ඊට ඇබ්බැහි වෙලා කියන එක.
අනෙකුත් ඇබ්බැහිවීම් වගේම මෙයත් කාලයත් සමඟ ඔබගේ මුදල් වටිනා කාලයත් නාස්ති කරනවා. ඒ වගේම ඔබගේ ජීවිතයත් අඳුරටම ඇද දමනවා. .."