මූල්‍ය තත්ත්වය යහපත් වන තුරු - විදුලි බල මණ්ඩලයට සේවක පාරිතෝෂිත නෑ
Tuesday, 09 August 2022 - 15:56 | Views - 467
විදුලිබිල හෙට සිට සියයට 75 සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක කොළඹ අද දහවල් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, විදුලි ඒකක 30 ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සියයට 264කින් ඉහළ නංවන බවයි.

31ත් 60ත් අතර, ඒකක සංඛ්‍යාවක් භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලිබිල සියයට 200කින් සහ ඒකක 61ත් 90ත් අතර භාවිත කරන පාරිභෝගිකයින්ගේ විදුලිබිල සියයට 125කින් ඉහළ නැංවීමට අවසර ලබා දී තිබෙනවා.

91ත් ඒකක 120ත් අතර භාවිත කරන විදුලි පාරිභෝගිකයින්ගේ ගාස්තුව ඉහළ නැංවෙන්නේ සියයට 89කින්.

එසේම, ගාස්තු ඉහළ නැංවීමේ දී මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට කොන්දේසි කිහිපයක් ද පනවා තිබෙනවා.

මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් වනතුරු සියලු පාරිතෝෂිත ලබා නො දිය යුතුය යන්න එම කොන්දේසි අතරට ඇතුළත්.

මේ අතර, විදුලි බල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් වන තුරු සේවක පාරිතෝෂිත (බෝනස්) නො ගෙවන ලෙසත් මහජන උපයෝගිතා කොමිසම පවසනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top