අවුරුදු 16ත් 20ත් අතර පාසල් දරුවන්ට අර්ධකාලීනව රැකියා කරන්න අවසර
Tuesday, 09 August 2022 - 14:13 | Views - 686
අවුරුදු 16ත් 20ත් අතර වයසේ පසු වන පාසල් දරුවන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අවධානය යොමු වී ඇත්තේ, ළමයින් රැකියා කිරීමේ පරිසරයකට හුරු නො වීම නිසා කම්කරු ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතු ව ඇති බවයි.

එම නිසා මෙම වයස්වල පසුවන තරුණයන්ට මසකට පැය 20ක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කිරීමට අවස්ථාව ලබාදීමට යි එහි දී තීරණය වී ඇත්තේ.

එම කාලය සඳහා ගෙවීම් සිදු කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබාදීමට ද නියමිත යි.

මේ අතර, පස්වරු 6න් පසු කාන්තාවන්ට සේවයේ යෙදීමට හැකිවන පරිදි සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top