විදුලි ගාස්තු සංශෝධනය අද
Tuesday, 09 August 2022 - 12:10 | Views - 1,893
විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද (10) ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
අද දිනය තුල මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟින් එකතුව ඒ පිළිබඳ අවසන් තීරණය අද ප්රකාශයට පත් කිරීමට නියමිත බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.
කෙසේ වෙතත්, විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් මීට පෙර මහජන අදහස් විමසීමක්ද සිදු කළා.
එසේම, මීට පෙර අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවුයේ 2014 එනම් වසර 09කට ඉහතදී වීමට විශේෂත්වයක්.
කෙසේ වෙතත්, අද දිනයේ විදුලි ගාස්තුව සියයට 60 ත් - 90 ත් අතර අගයකින් ඉහළ යාමට නියමිත බවටයි සඳහන් වන්නේ.
Share This Article