ගෘහස්ථ ගෑස් සඳහා මිල සුත්‍රයක්
Tuesday, 09 August 2022 - 11:19 | Views - 571

කළුතර, වව්නියාව, පුත්තලම, ත්‍රිකුණාමලය, මන්නාරම, අම්පාර සහ කෑගල්ල නගර සභා මහ නගර සභා තත්ත්වයට උසස් කර තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළ පරිදි , ජල හා මලප්‍රවහන ගාස්තු ද සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
එසේ ම, සෑම මසකම 05 වැනි දාට යාවත්කාලීන කෙරෙන ගෘහස්ථ ගෑස් සඳහා පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී වැඩිදුරටත් සඳහන් වුණේ.
මේ අතර, මිට පෙර කිහිප වතාවක්ම ඉහළ ගිය ගෘහස්ථ ගෑස් මිල ඊයේ(08) රාත්‍රියේ සංශෝධය වුණා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 4.664ක් ලෙසයි දැක්වුණේ.
එසේම, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,872ක් ලෙස දැක්වුණා.
තවද , කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් අඩුකර තිබෙනවා.
එහි නව මිල රුපියල් රුපියල් 869ක් ලෙසට දැක්වුණා.
කෙසේ වෙතත්, කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව ලබන සැප්තැම්බර් මස (05) වෙනි දින නැවතත් ගෑස් මිල සංශෝධනය වීමට නියමිතයි.
Share This Article