ජපන් භාෂා ප්‍රවිණතාව - පාසල් දරුවන්ට
Tuesday, 09 August 2022 - 10:39 | Views - 1,107
පාසල් තුළ 06 ශ්‍රේණියේ සිට ඉහළට ක්‍රියාත්මක වන පරිදි ජපන් භාෂාව හා ඉංග්‍රීසි විෂය අමතරව ඉගැන්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව හා ජපානය අතර අස්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම යටතේ තාක්ෂණික පුහුණුලාභින් ලෙස හා විශේෂ කුසලතා සහිත රැකියා වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 14ක් යටතේ රැකියා සඳහා ඉදිරිපත් වීමට ලාංකිකයන්ට අවස්ථාව තිබීම හේතුවෙන්.

ඒ සඳහා ජපන් භාෂා ප්‍රවීණත්වය අත්‍යවශ්‍ය සාධකයක්.

කෙසේ වෙතත්, ඉදිරි වසර 05ක කාලය සඳහා මෙම විශේෂ කුසලතා යටතේ ශ්‍රමිකයන් 345,000කට පමණ ජපානයේ රැකියා අවස්ථා ලබා දීමට යි මෙම ගිවිසුම් යටතේ සැලැසුම් සකස් වී ඇත්තේ.

එම කරුණු සැලකිල්ලක ගනිමින් දැනට පාසල් තුළ ක්‍රියාත්මක වන තාක්ෂණික විෂය ධාරාව යටතේ ජපන් භාෂාව හා ඉංග්‍රීසි විෂය ඉගැන්වීමටත් ජපානය ඉලක්ක කර ගත් සාත්තු සේවා, ආගන්තුක සත්කාර, ගොඩනැඟිලි පිරිසිදු කිරීම, කෘෂිකාර්මික කටයුතු, මෝටර් රථ කාර්මික හෝ විදුලි හා විද්‍යුත් කාර්මික කුසලතා වර්ධනය කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top