ලංකාව සෞභාග්‍යය කරා ගෙන යාමට ජනපති රනිල්ට හැකියි - ඊජිප්තුවේ සහතිකය
Monday, 08 August 2022 - 15:11 | Views - 259
ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට රනිල් වික්‍රමසිංහ හට හැකියාව ඇති බවට ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah Al Sisi)ගෙන් සහතිකයක් ලැබී තිබෙනවා.

නව ජනාධිපතිවරයා ලෙස පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඊජිප්තු ජනාධිපතිවරයා පවසන්නේ, ශ්‍රී ලංකාව ගොඩනැගීමට රනිල් වික්‍රමසිංහ හට හැකියාවක් පවතින බව එරට රජය විශ්වාස කරන බවයි.

ශ්‍රී ලාංකික ජනයාගේ බලාපොරොත්තු ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ගනු ලබන සියලුම තීන්දු තීරණ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි ද ඊජිප්තු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට සහ දෙරටේ මිත්‍රශීලී ජනතාවට වඩාත් සමෘද්ධිමත් අනාගතයක් සහතික කිරීම සඳහා රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා උනන්දුවෙන් පසුවන බව ද ඊජිප්තු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top