ඩෙංගු අවදානමත් ඉහළට (Video)
Monday, 08 August 2022 - 14:07 | Views - 3,642
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 48,777 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ බස්නාහිර පළාතෙන් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි.
එමෙන්ම මහනුවර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී තිබෙනවා.
පසුගිය ජූලි මාසයේදී ඩෙංගු රෝගීන් 11,437 ක් වාර්තා වී ඇති අතර, මේ මාසයේ මෙතෙක් ඩෙංගු රෝගීන් 1,916 ක් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ.
Share This Article