ජෝශප් ස්ටාර්ලින්ට ඇප (Video)
Monday, 08 August 2022 - 12:51 | Views - 437
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (08) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මොහු මුදාහැර ඇත්තේ.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කරමින් කොළඹ - කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන් ජෝෂප් ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 3 වනදායි.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුලුවීම ඇතුලු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අරගලයේ නියෝජිතයෙකු වූ පියත් නිකේෂල නැමැත්තා අද පෙරවරුවේ නීතීඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මධ්‍යම විමර්ශන කොට්ඨාසයට වෙත භාරවුණා.

පොලිසිය සඳහන් කළේ මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top