නෙත්මිගේ මීළඟ බලාපොරොත්තුව (Video)
Monday, 08 August 2022 - 11:43 | Views - 469
තම මීළඟ බලාපොරොත්තුව රට වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ගෙන ඒම බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී මල්ලව පොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා අද (08) අලුයම දිවයිනට පැමිණි නෙත්මි අහිංසා පෝරුතොටගේ පවසනවා.

අද අලුයම 3.35ට පමණ ඇය අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

ඇයව ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහ මල්ලවපොර සංගමයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබූ අතර, එම අවස්ථාවට නෙත්මි අහිංසාගේ පියා, මව, නැගණිය ඇතුලු පවුලේ ඥාතීන් ද එක්ව සිටියා.

රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වයක දී මව්බිම වෙනුවෙන් පදක්කමක් ගෙන ඒමට ලැබීම ගැන තමන් සතුටු වන බව පැවසූ නෙත්මි, වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකඩ පදක්කමක් දිනුව ද, සිය බලාපොරොත්තුව වූයේ රන් පදක්කම බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ දී කිලෝග්‍රෑම් 57 බර පන්තියේ මල්ලවපොර ඉසව්ව නියෝජනය කරමින් ප්‍රබල ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකාවක් පරාජයට පත් කරමිනුයි අහිංසා ලෝකඩ පදක්කම දිනාගත්තේ.

18 හැවිරිදි නෙත්මි අහිංසා පොදුරද මඬුලු තරග ඉතිහාසයට එක් වන්නේ පදක්කමක් දිනූ ළාබාලතම ක්‍රීඩිකාව ලෙසින්.

එමෙන්ම පොදුරද මඬුලු ක්‍රීඩා උලෙළක මල්ලව පොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබාගත් පළමු පදක්කම ලෙස ද මෙය ඉතිහාසයට එක්වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top