ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කරනවා - ඇමති කංචන (Video & Photos)
Monday, 08 August 2022 - 10:37 | Views - 1,833
අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පද්ධතියේ ගෞරවය එම ක්‍රියාවලියට සම්බන්ධ සංවර්ධකයින්ට සහ ඒ සම්බන්ධව කටයුතු කළ අනෙකුත් අයට හිමිවිය යුතු බවයි.කෙසේ වෙතත්, National Fuel Pass QR පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අදහස් පිළිබඳව බොහෝ ධනාත්මක අදහස් ලැබී ඇති බවද ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද , අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එසේම, එම ක්‍රමය පමණක් ඉන්ධන අර්බුදයට සම්පූර්ණ විසඳුමක් නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දීමට අමතක කළේ නෑ.
Share This Article