පොලිස් නිලධාරියකු සපා කෑ කත - අත්අඩංගුවට
Monday, 08 August 2022 - 9:40 | Views - 414
මහනුවර - පේරාදෙණිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පහර දී ඇගිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියකුටයි මෙලෙස පහර දී ඇත්තේ.

පසුගියදා මෙම පොලිස් නිලධාරියා පේරාදෙණිය ප්‍රදේශයේ රාත්‍රි කාලයේදී රාජකාරියේ නිරත වෙමින් සිටින අවස්ථාවේදී මෙම කාන්තාව ඇතුළු තවත් පිරිසක් බීමතින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ කාන්තාව සහ තවත් අයෙකු පොලිස් නිලධාරියාට පහරදී සපා කෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සපා කෑමෙන් පොලිස් නිලධාරියාගේ අතක ඇගිල්ලකට සහ මුහුණට තුවාල සිදුව තිබෙනවා.

පොලිස් නිලධාරියා ප්‍රතිකාර සදහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුවන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. 

 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top