පොලිස් නිලධාරියකු සපා කෑ කත - අත්අඩංගුවට
Monday, 08 August 2022 - 9:40 | Views - 415
මහනුවර - පේරාදෙණිය ප්රදේශයේදී පොලිස් නිලධාරියකුට පහර දී ඇගිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පේරාදෙණිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියකුටයි මෙලෙස පහර දී ඇත්තේ.පසුගියදා මෙම පොලිස් නිලධාරියා පේරාදෙණිය ප්රදේශයේ රාත්රි කාලයේදී රාජකාරියේ නිරත වෙමින් සිටින අවස්ථාවේදී මෙම කාන්තාව ඇතුළු තවත් පිරිසක් බීමතින් කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.එම අවස්ථාවේදී අදාළ කාන්තාව සහ තවත් අයෙකු පොලිස් නිලධාරියාට පහරදී සපා කෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.සපා කෑමෙන් පොලිස් නිලධාරියාගේ අතක ඇගිල්ලකට සහ මුහුණට තුවාල සිදුව තිබෙනවා.පොලිස් නිලධාරියා ප්රතිකාර සදහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුවන් මහනුවර ප්රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article