පෝෂණ මල්ල නොලැබෙන බවට චෝදනා
Monday, 08 August 2022 - 9:31 | Views - 494
ගර්භනී මව්වරුන්ට රජය මගින් රුපියල් 2000ක මුද්දර කාඩ්පතට නිකුත් කරන පෝෂණ මල්ල ලබාදීම ඇතැම් ප්‍රදේශවල මේ වනවිට (08) මාස කිහිපයක සිට නතර කර ඇති බව වාර්තාවනවා.සති 12 සම්පූර්ණ වූ ගර්භනී මව්වරුන්ට මසකට රුපියල් 2000 බැගින් මෙම මුද්දර කාඩ්පත් මාස 10ක කාලයකට ලබාදීම වසර කිහිපයක සිට සිදුකරනු ලැබුවා.එහෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් රුපියල් 2000සේ මුද්දර කාඩ්පත් මව්වරුන්ට නිකුත් කළ ද ඊට අදාළ තෝරාගත් වෙළඳසැල් එම පෝෂණ මල්ල ලබාදීම සිදු නොකරන බවට පළාත් කිහිපයකින් වාර්තා වනවා.අප මේ සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කුගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ මේ දක්වා අදාළ පෝෂණ මල්ල අත්හිටුවා ඇති බවට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දැනුවත් කර නොමැති බවයි.කෙසේ වෙතත් පෝෂණ මල්ල මෙලෙස අක්‍රමවත් ආකාරයෙන් ගර්භනී මව්වරුන්ට ලබා දීමෙන් එම පෝෂණ වැඩසටහනේ අපේක්ෂිත අරමුණු ඉටු නොවන බවයි ඇය පෙන්වා දෙන්නේ.
Share This Article