මන්කිපොක්ස් පරීක්ෂණ අද සිට මෙරටදීත්
Monday, 08 August 2022 - 8:34 | Views - 2,632
මන්කිපොක්ස් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අද (08) සිට මෙරට තුළ පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වනවිට ලැබී ඇති අතර, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර ජාතික රෝහලට ඒවා ලබාදීමට නියමිතයි.
Share This Article