රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට
Monday, 08 August 2022 - 8:12 | Views - 620
රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව අද (08) සිට ඉහළ දමා තිබෙනවා.ඒ අනුව සැහැල්ලු වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500 ක් ලෙස සංශෝධනය කර ඇති බවයි ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය සඳහන් කළේ.එමෙන්ම බර වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව, මුත්‍රා පරීක්ෂණ හැර රුපියල් 1,500 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන ද්‍රව්‍ය සහ උපකරණවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම ගාස්තු ඉහළ දැමීම සිදුකර ඇති බව සඳහන්.
Share This Article