විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත්කිරීම හෙට
Monday, 08 August 2022 - 7:54 | Views - 2,615
විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය හෙට (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් එදිනට මාධ්‍ය හමුවක් පවත්වා ඒ පිළිබද නිල වශයෙන් දැනුම්දෙන බවයි එම කොමිෂන් සභාව සදහන් කළේ.

මීට අදාළව අද (08) දිනයේ මුදල් අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි.

නව ගාස්තු සංශෝධන සහ අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මීට පෙර ගාස්තු සංශෝධන මහජන අදහස් විමසීම සදහා ප්‍රසිද්ධියට පත් කළා.

ඒ සදහා ඉදිරිපත් වූ යෝජනා සහ අදහස්ද සැලකිල්ලට ගනිමිනුයි නව ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ.

එමෙන්ම අද (08) සිට බදාදා(10) දක්වා දිවයින පුරා පැයක කාලයක් පමණක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කළා.

ඒ අනුව පස්වරු 06 සිට රාත්‍රි 09 දක්වා වූ කාලය තුළ විදුලිය විසන්ධි කිරීම සිදුකෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර හෙට දිනයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිලද අඩු කිරීමට පියවර ගන්නා බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීිරිස් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අද(08) පස්වරුවේ එම මිල අඩුවීම ප්‍රකාශයට පත් කරන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top