ගාලු මුවදොර අනවසර ඉදිකිරීම් ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම් දීමක්
Friday, 05 August 2022 - 15:14 | Views - 346

නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඇති අනවසර ඉදි කිරීම් අගෝස්තු 10 වනදා දක්වා ඉවත් කර ගැනීමට කටයුතු නොකරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා තිබෙනවා.
මේ අතර ගාලු මුවදොර පිටිය සහ ඒ ආසන්නයේල අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් සහ බෝග වගාකිරීම් අද සවස 5ට පෙර ඉවත් කරගන්නා ලෙසයි පොලිසිය මිට පෙර දැනුම් දී තිබුණේ.
ගාලු මුවදොර පිටිය සහ ඒ ආසන්නල රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමිකොටසේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් සහ බෝග වගාකිරීම් ඉවත් කිරීමට පොලිසිය කල් දී ඇත්තේ අද පස්වරු 05 දක්වායි.
ඒ සම්බන්ධයෙන් පොලිසිය ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියට පැමිණ අවස්ථා දෙකකදී ඉවත් වීමේ නිවේදන නිකුත් කළද ඊට අරගලකරුවන්ගෙන් එල්ල වුණේ විරෝධයක්.
ඊයේ රාත්‍රියේද එම භූමියේ අරගලකරුවන් රැඳී සිටියා.
කෙසේවෙතත් අරගල භූමියේ ඇතැම් ඉදිකිරීම් ඉවත් කිරීමට අරගලකරුවන් කටයුතු කරන ආකාරය ද මෙලෙස දැකගත හැකිවුණා.
මේ අතර සර්ව පාක්ෂික අරගලකරුවෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අරගලයේ පාර්ශ්ව අතර අද පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන්ටද ආරාධනා කර ඇති බවයි.
ඒ අනුව සර්ව පාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිනවා.
Share This Article