මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලැබී නෑ - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
Friday, 05 August 2022 - 12:46 | Views - 1,549

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල සැළකිය යුතු මට්ටමකින් අඩු වී ඇතත් එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට සිල්ලර කඩ හිමියන් මෙතෙක් කටයුතු කර නොමැති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.රුපියල් 600ක්ව පැවති පරිප්පු කිලෝග්‍රෑමයක තොග මිල මේ වනවිට රුපියල් 400 දක්වා අඩු වී ඇති අතර, රුපියල් 330ක්ව පැවති සීනි කිලෝග්‍රෑමයක තොග මිල ද මේ වනවිට (05) රුපියල් 270 දක්වා අඩුවී තිබෙනවා.පිටකොටුව තොග වෙළඳ සංගමයේ විධායක සභික ජේ. දේවපිරාන් කියා සිටියේ රුපියල් 1,900 ක් ව පැවති වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 1,300 ක් දක්වා පහත වැටී ඇති බවයි.එමෙන්ම සුදු ළුෑණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 600 සිට 400 දක්වා පහත වැටී ඇති අතර, අර්තාපල් කිලෝවක මිල රුපියල් 150 දක්වාත් ලොකු ළුෑණු කිලෝවක මිල රුපියල් 135 දක්වාත් අඩු වී තිබෙනවා.පිටකොටුව තොග වෙළඳ සංගමයේ විධායක සභික ජේ. දේවපිරාන් සඳහන් කළේ ණයවර ලිපි විවෘත කිරීමකින් තොරව ඍජුවම ආනයනකරුවන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට අවස්ථාව හිමිවීම ද මෙලෙස මිල අඩුවීමට හේතු වී ඇති බවයි.කෙසේ වෙතත් සිල්ලර වෙළඳසැල් හරහා මෙම මිල අඩුවීමේ වාසිය ජනතාවට මේ දක්වා ලැබී නොමැති බවටයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ චෝදනා කළේ.මේ අතර කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක අද (05) දිනයේත් ඉහළ යාමක් පෙන්නුම් කරන අතර, සියලු කොටස් මිල දර්ශකය ඒකක 105 යි දශම 7 යි 3 කින් ඉහළ ගොස් 8,334 යි දශම 8 යි 7 ක් ලෙස මේ වනවිට දැක්වෙනවා.එස්. ඇන්ඩ් පී දර්ශකයද ඒකක 61 යි දශම දෙකයි හයකින් අද දිනයේදී ඉහළ ගොස් ඇති අතර, එය මේ වනවිට දැක්වෙන්නේ ඒකක 2,738 යි දශම 9 යි 3 ක් ලෙසයි.
Share This Article