වාහන අංක තහඩු යොදාගෙන වංචනික ක්‍රියාවක් - පොලිසියෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
Friday, 05 August 2022 - 12:26 | Views - 1,192
ගාල්ල, ගාල්ල වරාය, තිස්සමහාරාමය, අහුංගල්ල හා කතරගම යන පොලිස් වසම්වල සිදු වූ යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පසුගිය දිනවල එම පොලිස් ස්ථාන වෙත වාර්තාවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් විමර්ශන සිදු කිරීමේ දී ජූලි 31 වැනි දින රත්ගම පොලිස් වසමේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියෙ අංක තහඩුව ජූලි මස 05 වැනි දින අහුන්ගල්ල පොලිස් වසමේ දී සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ජුනි මස 26 වැනි දින මිද්දෙණිය පොලිස් වසමේ දී මෝටර් රථයකින් පැමිණ වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සඳහා සැකකරුවන් පැමිණ තිබු මෝටර් රථයේ සවිකර තිබූ අංක තහඩු ද බේරුවල ප්‍රදේශයේ දී සොරාගන්නා ලද අංක තහඩු බවට අනාවරණය වී තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුවීම්වලට අදාළව අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන සිදු කිරීමේ දී සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථ හා යතුරුපැදිවල ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ඒවා බවත් ඒවා ඉහත සඳහන් කළ පරිදි විවිධ ප්‍රදේශවල යතුරුපැදිවලින් සොරා ගන්නා ලද අංක තහඩු බවටත් නිරීක්ෂණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසන්නේ.

මෙම ආකාරයට යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් තවදුරටත් මෙවැනි අපරාධ සිදු කිරීමට පූර්ව සැලසුමක් ද යන්න බවට පොලිසිය සැක කරනවා.

එබැවින් තම යතුරුපැදි හෝ වාහන මාර්ගයේ හෝ වෙනත් ස්ථානවල නවතා යාමේ දී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි රියැදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top