ගලබොඩ දිය ඇල්ල නැරඹිමට ගොස් අතුරුදහන් ව සිටි තරුණියගේ සිරුර හමුවෙයි
Friday, 05 August 2022 - 10:31 | Views - 1,206

තරුණයෙකු සමඟ ගලබොඩ දිය ඇල්ල නැරඹිමට ගොස් සැඩ පහරට හසු වී ඉකුත් (01) දින අතුරුදහන් වු 17 හැවිරිදි තරුණියගේ සිරුර (04) දින පස්වරුවේ හමු වූ බව නාවලපිටිය පොලිසිය පවසනවා.මෙසේ සොයා ගනු ලැබුවේ, පේරාදෙණිය - පැණිදෙණිය ප්‍රදේශයේ පදිංචි ව සිට සිතුමිණි සුගන්‍යා නැමති තරුණියගේ සිරුර යි.ජිවිතක්ෂයට පත් තරුණිය සිය පෙම්වතා සමග ඉකුත් (01) දින නාවලපිටිය ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් තිබුණා.ඔවුන් ආපසු නිවස කරා යන අවස්තාවේ, නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ තරුණයා සහ තරුණිය සැඩ පහරට හසු වී ඇති අතර, ඉන්තරුණයා දිව බේරාගත් බව සඳහන්.සැඩ පහරට හසු වී අතුරුදහන්ව සිටි තරුණිය සොයා නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසින් විසින් මෙහෙයුමක් දියත් කර තිබුණ ද ගලබොඩ දිය ඇල්ලේ සිට මහවැලි ගගට ජලය ගලා බසිනා ගලබොඩ ඇළේ ජල ධාරිතාව ඉහළ ගොස් තිබු නිසා සිරුර සොයා ගැනීමට නො හැකි වුණා.(04) දින පස්වරුවේ ගලබොඩ ඇලේ කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් නාවලපිටිය පොලිසිය කළ දැනුම් දීමක් මත අතුරුදන් ව සිටි තරුණියගේ ඥාතින් සමඟ නාවලපිටිය පොලිසියේ නිලධාරින් සිරුර හමු වූ ස්ථානයට ගොස් තිබූ බව යි වාර්තා වන්නේ.ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේ දී එම සිරුර අතුරුදහන් ව සිටි තරුණියගේ සිරුර බව ඇයගේ ඥාතින් විසින් හඳුනාගෙන තිබෙනවා.ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වනු ඇති.
Share This Article