ජෝශප් ස්ටාලින් අගෝස්තු12 දක්වා රිමාන්ඩ්
Friday, 05 August 2022 - 7:53 | Views - 639
ගාලුමුවදොර අරගලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අගෝස්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

එසේම, අත්අඩංගුවට ගැනුණු ජාතික භික්ෂු පෙරමුණේ සාමාජික පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අද (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි නියෝග කෙරුණේ.

පසුගිය 28 වැනි දා කොටුව ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙනු යි ඊයේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

එසේම, අත්අඩංගුවට ගැනුණු ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්වරයා සහ හිටපු සභාපතිවරයා ඇපමත මුදා හැරුණු අතර, පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේ පසුගිය මස 9 වැනි දා ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ චෝදනාව මත යි.

මේ අතර, ගාලුමුවදොර අරගල භූමියේ සිටි පිරිස් තාවකාලික ව ඉදිකර තිබූ කූඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇති බව ද ඊයේ වාර්තා වුණා.

ඒ, අද පස්වරු 5ට පෙර අරගල භූමියෙන් ඉවත් වන ලෙසට පොලිසිය කළ දැනුම්දීමකට අනුව යි.

කෙසේ වෙතත්, එම ඉල්ලීම බල රහිත කරන්නැ යි ඉල්ලා පෙත්සම් 04ක් ද අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top