ජෝශප් ස්ටාලින් අගෝස්තු12 දක්වා රිමාන්ඩ්
Friday, 05 August 2022 - 7:53 | Views - 640

ගාලුමුවදොර අරගලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අගෝස්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.ඒ, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.එසේම, අත්අඩංගුවට ගැනුණු ජාතික භික්ෂු පෙරමුණේ සාමාජික පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අද (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි නියෝග කෙරුණේ.පසුගිය 28 වැනි දා කොටුව ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙනු යි ඊයේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.එසේම, අත්අඩංගුවට ගැනුණු ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්වරයා සහ හිටපු සභාපතිවරයා ඇපමත මුදා හැරුණු අතර, පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේ පසුගිය මස 9 වැනි දා ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ චෝදනාව මත යි.මේ අතර, ගාලුමුවදොර අරගල භූමියේ සිටි පිරිස් තාවකාලික ව ඉදිකර තිබූ කූඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇති බව ද ඊයේ වාර්තා වුණා.ඒ, අද පස්වරු 5ට පෙර අරගල භූමියෙන් ඉවත් වන ලෙසට පොලිසිය කළ දැනුම්දීමකට අනුව යි.කෙසේ වෙතත්, එම ඉල්ලීම බල රහිත කරන්නැ යි ඉල්ලා පෙත්සම් 04ක් ද අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
Share This Article