සහල් මෙට්‍රික් ටොන් ගණනක් - සත්ත්ව ආහාරවලට විකුණන ජාවාරමක් (Video)
Thursday, 04 August 2022 - 16:12 | Views - 548
ආනයනික කැකුළු සහල් තොගයක් සත්ත්ව ආහාර සඳහා සැකසීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට හැකි වී තිබෙනවා.
කුරුණෑගල - ඊතනවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී මෙලෙස සොයාගනු ගෙන ඇත්තේ, සත්ව ආහාර සඳහා ඇඹරීමට සූදානම් කර තිබූ කැකුළු සහල් ටොන් 3,000කට අධික ප්‍රමාණයක්.
පොහොර අර්බුධය සමඟ පසුගිය කාලයේ මෙරට වී වගාවට දැඩි බලපෑමක් එල්ල වුණා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී අස්වැන්න අඩු වීමත් සමඟ දේශීය සහල් මිල ඉහළ ගියේ පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවයට පත් කරමින්.
ඒ අනුව රජය සහල් ආනයනය කිරීම සඳහා අවධානය යොමු කළේ මිල ඉහළ යාම පාලනයට පිළියමක් ලෙස යි.
ඊට අමතර ව 2022 ජුනි 24 වනදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත අනුව සහල් හෝ වී සත්ව ආහාර සඳහා භාවිත කිරීම තහනම් කරනු ලැබුවා.
අදාළ සහල් සාම්පල ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙලෙස ලබා ගැනීමට කටයුතු කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලදාරීන් පසු ව ගබඩා කර තිබූ ස්ථානය මුද්‍රා තැබීමට යි කටයුතු කළේ.
Share This Article