සංචාරකයන්ට විශේෂ ඉන්ධන අවසර පත්‍රයක් (Video)
Thursday, 04 August 2022 - 15:55 | Views - 626
මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් ඉන්ධන අවසර පත්‍රයක් ගුවන් තොටුපොලේ දී ම මිල දී ගැනීමට හැකි වන අයුරින් පහසුකම් සැපයීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබෙනවා.
එමෙන්ම සියලු ම ගොවීන්ට සහ කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සහ හමුදා ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන ලබා දීමට ද බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මේ අතර, මීගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැනුණු ඩීසල් ලීටර් 6600ක් සහිත ඉන්ධන බවුසරය සහ සැකකරුවන් සිවු දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
එහි දී එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ඇපයක් මත සැකකරුවන් මුදා හරින ලෙසයි හෝමාගම මහේත්‍රාත් නිලුපලී ලංකාපුර නියෝග කළේ.
Share This Article