දුම්රියට නව සාමාන්‍යාධිකාරිවරයෙක්
Thursday, 04 August 2022 - 12:51 | Views - 264
දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරිවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ සැලසුම් අධ්යක්ෂ ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඒ.ඩී.එස්. මුණසිංහ, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතින් අද (04) පත්වීම් ලබා ගත්තා.හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කිරිම හේතුවෙන් එම ධුරය පුරප්පාඩුව පැවතුණා.එමෙන්ම, නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ද පත්වීම් ලිපි ලබා ගත් බව යි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article