අන්‍යෝන්‍ය ගරුත්වය සුරකිමු! - ජනපති
Thursday, 04 August 2022 - 12:15 | Views - 453
ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීන තානාපති 'ෂෙන්ග්හොං' (Qi Zhenghong) හමු වී තිබෙනවා.එක් චීනයක් ප්‍රතිපත්තියට මෙන් ම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය යොමු කළ බව සඳහන්.සිය නිල ට්විටර් ගිණුම මත සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ, භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතින්ගේ ප්රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම තමන් නැවත නැවතත් අවධාරණය කරන බව යි.වත්මන් ගෝලීය ආතතීන් තව දුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බවත් අන්‍යෝන්‍ය ගරුත්වය, රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නො වීම, සාමකාමී සහයෝගීතාවට සහ ගැටුම් ඇති නො වීමට කටයුතු කිරීම වැදගත් බවත් ජනාධිපතිවරයා අවසාන වශයෙන් පැහැදිලි කරනවා.

Share This Article